කුමාර බැල්ම


කුමාර බැල්ම

ගරා වැටුණු වරිච්චි බිත්ති සහිත නිවසත්, නිවස වටා ඇති ගස් වලින් ගහණ වූ පරිසරයත් මෙම නිවසෙහි කිසිවකු ජීවත් වනවාද යන සැකය මතු කරයි. මිදුල පුරා වැටුණු කොළ වලින් මිදුල හැඩි වී ඇත. දෙවියන් බුදුන් සදහා දැල් වූ පහන නිවී ගොස්‍ ය. දුප්පත්කමත් හුදකලා බවත් මෙම නිවසෙහි වෙසෙන්නන්ට අරුම පුදුම දෙයක් නොවන වග හාත්පස බැලීමෙන් පසක් වේ. 

               පඩු පැහැ වූ ගවුමක් හැද තරුණ විය ඉක්මවා යමින් මැදිවියට පා තබමින් සිටින සිරියාවතී උදෑසනින්ම අවදිව මිදුල අතුගා දිය ගෙන ඒමට ළිදට ගොස් ළිද මතු පිට පෙනෙන තම මුව දෙස බලා අවුල් වූ හිසකෙස් දෑතින් සකස් කරගනී. කොතෙක් සකස් කරන්නට දැරුවද අවටින් ගලා එන සුළග නැවත කෙස් රොද අවුල් කර දමයි. අගුරු කැබැල්ලක් විකා මුව සෝදා ගන්නා ඇය නැවත ළිද තුළට එබී බැලුවද තම අවුල් වූ හිසකෙස් පිළිවෙලට සකස් කර ගන්නට නොහැකි බව තේරුම් ගනී.
                              
                  තම දියණියගේ සුපුරුදු ක්‍රියා කළාපය දන්නා මැගි හාමි ගෙපිල මත හිද තමාටත් තම පවුලටත් සිදු වූ කරදර හිරිහැර මතක් කරමින් සුසුම්ලයි. මැදිවිය කරා ළගා වන තම දියණියගේ හුදකලා බව ඇයට ඉවසිය නොහැක. ගෙපිල මත සිටින ඇගේ සිත අතීතයට ගමන් කරයි. තම දියණිය කුසට පැමිණි දිනයේ තමන් කොතරම් සතුටු වූවාද යන්න ඈ දනියි. මෙළොව එළිය දුටු දියණියගේ සුරතල් බලමින් තම පවුලට සතුට රැගෙන අවේ ඇය බව සිතයි. සිගිති දියණිය පාසල් යාමට සැරසෙන පළමු දිනයේ මැගි හාමිට දැනුනු සතුට කිවනොහැක. ඒ වන විට දුමින්ද පුතුට වයස අවුරුදු තුනකි. ජීවත් වීම සදහා ගොවිතැන් කරන පුංචි බංඩා හා සතුටින් ජීවත් වීම ඇයගේ බලාපොරොත්තුවයි.

                       පාසල් දිවියට ඇතුලු වූ තම දියණිය දිනෙන් දින පාසල තුළ කාගේත් අවධානයට ලක් වූ ඉගෙනීමේ ශුරීයක් විය. ශිෂ්‍යත්ව විභාගයද ඉහළින් සමත් වූ සිරියාවතී පවුලේ සියලු දෙනාගේ මෙන්ම පාසලේ ගුරුවර සහෝදර සහෝදරියන්ගේ ආදරයට ලක් විය.

                    දෙසැම්බර් මාසයේ සීතල සුළගින් අවට පරිසරය වෙලාගන්නවාත් සමගම හාත්පස කලුකරන මහ වැස්සක සළකුණුත් පාසල නිම වූ සිරියාවතී නිවසට පැමිණියේ දිවගෙනය. නිවසට පැමිණි සිරියාවතී වෙනදා මෙන් තම මව හෝ සහෝදරයා නොදැක සිතෙහි දෙගිඩියාවෙන් පසු විය. හිරි පොද වැස්ස මහ වැස්සක් බවට පත් වීමට වැඩි වේලාවක් ගත නොවීය. කිසිවකු නොමැති වූ නිවසෙහි සිටිනා ඇයට කෙදිනකවත් නොදැනුනු ආකාරයේ වේදනාවක් ශරීරයට දැනෙන්නට විය. හාත්පස දැනුනු අදුරත් තනිකමත් නිසාවෙන්ඇය නින්දට වැටිණ.

                    " සිරියාවතී පුතේ දොර අරින්න "


අම්මාගේ කටහඩ ඇසුණු සිරියාවතී වසා තිබුණු දොර දෙස පා නැගුවේ සිහිනයෙන් මෙනි.

       "අම්මේ අම්මල කොහෙද ගියේ මම ගොඩක් බය වෙලා හිටියේ "

                    සිරියාවතීට කියාගත හැකි වූයේ එපමණකි. ඇය මව ඉදිරියේදීම සිහිවර්ජිතව වැටිණ.දුමින්ද පුතුට බෙහෙත් රැගෙන ඒමට නගරයට ගිය මැගි හාමිට හා පුංචි බංඩාට තම දියණියට සිදු වී ඇත්තේ කුමක්ද යන්න වටහා ගත නොහැකි විය. දියණිය ඔසවාගෙන ගොස් ඇද මත තබා වතුර ගෙන ඒමට ආපසු හැරුණු ඇය තම දියණිය වැඩ්වියට පත්ව ඇති බව තේරුම් ගියේය. තම දියණිය පාසල නිම වී පැමිණ පැය තුනකට වඩා වැඩි කාලයක් හුදකලාව සිටි බව සිතෙන විට ඇයගේ සිතට මහත් වූ බියක් දැනෙයි. මල්වර වූ තම දියණිය නිවසේ හුදකලා වූ බවත් එවැනි අවස්ථා වලදී තනි වන තරුණියන්ට කළු කුමාර බැල්ම වැටෙන බවත් දන්නා වූ මැගි හාමිට තම දියණිය කෙරේ අනියත බියක් ඇති වේ.


                  
දින කිහිපයක් නිවස තුළට වී සිට මල්වර උත්සවයෙන් දින කිහිපයකට පසුව නැවත පාසල් යාමට විය. ඒ වන විට සිරියාවතී අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. වැඩිවිය පැම්ණි ඇය දිනෙන් දින රූමත් වූ අතර තවෙකුගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය. දිනෙන් දින ඔප් නැංවුනු අගපසග කා අතරත් ඇය ගැන කතා බහට ලක් වීමට හේතු විය. රූපයෙන් හා අධ්‍යාපන කටයුතු හොදින් කරමින් සිටි සිරියාවතීට අභාග්‍යසම්පන්න කාලයක් පැමිණේවි යන්න සිහිනෙකුදු නොසිතෙන්නට ඇත .
         

              නවවන ශ්‍රේණියේ අවසාන මාස කිහිපය තුළදී ඇගේ ජීවිතයේ විශාල වෙනස්කම් රාශියක් ඇති වන්නට විය. පාසල් යන අතර මගදී සිරියවතීගේ රූපශ්‍රියට වසග වූ තරුණයෙකු නිරන්තරයෙන් ඇගේ ආදරය පතමින් පැමින්ණෙන්නට විය. මුල් කාලයේදී මෙම තරුණයා ඇයට බාධාවක් ලෙස දැනුනද පසුව එය ප්‍රේමයක් බවට පත් විය. පාසල නිම වූ විගස තරුණයා දැකීමට ඇය බලා සිටී. ලිපි හුවමාරුව මගින් තරුණයා හා පෙමින් වෙලී තම අධ්‍යාපන කටයුතු අතපසු කරගන්නට විය.

             " අම්මේ මගේ සුදු ගවුම හරියට සෝදලා නෑනේ "

      " අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ මගේ සපතතු දෙක කැඩිල "

              සිරියාවතී කළින් මෙන් නොව මැගි හාමිට නිතර කරදර කරන්නට විය. මැගි හාමිට තම දියණියගේ වෙනස තේරුම් ගැනීමට නොහැකි විය.

             "සිරියාවතී පුතේ හෙට මල්ලිට බෙහෙත් ගන්න යන්න හෙට ඉස්කෝලෙ නොගිහින් ඉන්න පුලුවන්ද? "

             " මට බෑ අම්මේ තාත්තා එක්ක යන්න "

               දුමින්දට සෑදී තිබූ උණ රෝගය උදෑසන වන විට තවත් වැඩි වීය. උදෑසනින්ම අවදි වූ මැගි හාමි පුංචි බංඩා සමග නගරයට ගියහ.

            " පුතේ ඉස්කෝලේ ගිහින් පරිස්සමට එන්න අපි එනකොට හවස් වේවි "

නිවසින් පිටව යන තම මව පැවසූ දෙයෙහි තේරුම එදින ඇයට නොවැටහිණ.

                උදෑසනම වෙනදා මෙන් පාසලට ගිය සිරියාවතී පාසල නිම වී පැමිණියේ ඇය හා මිත්‍ර වූ තරුණයා සමගය. ඇය හා කතාබහ කරමින් නිවසට ගොඩ වුනු තරුණයා සිරියාවතීගේ ජීවිතය අදුරු වළාවකින් වසා දමාවි යන්න ඇය කිසි විටෙක නොසිතන්නට ඇත. මිදුලේ තිබුණු අරලිය ගසේ මලක් බිමට වැටී දිය පාරට ගසාගෙන ඈතට ගියේය.

          සිරියාවතී පියෙවි සිහියට පැමිණියේ තම මවගේ කට හඩිනි. මැගි හාමි තම දියණියගේ වෙනස හොදින්ම තේරුම් ගත්තාය.

            " පුතේ සිරියාවතී අසනීපක්ද ? "


          " නෑ අම්මේ ට්කක් නිදා ගත්ත ඒකයි මේ "

            දින සති මාස ගෙවී යයි. සිරියාවතී ඉගෙනීමට තිබූ ආශාව දිනෙන් දින අහැරියේය. පාසල් යාමද අතපසු කළාය. සිරියාවතීගේ ප්‍රේමවන්තයාද ඇය හැර ගොස්‍ ය. හැර ගිය ප්‍රේමවන්තයා ගැන සිතමින් නිතර හඩා වැළපෙන්නට විය.

                රාත්‍රිය පුරා නිදිවර්ජිතව සිටින සිරියාවතී දිනෙන් දින වැහැරී යන්නට විය. සිහිනෙන් විකාර දෑ කියවන සිරියාවතී දුටු මැගි හාම් තම දියණියට යක්ෂ බැල්මක් වැටී ඇතැයි නිතර සැක කළේය. ඇදෙහි නිදා ගත්තද කෙදිරිගාමින් ඒ මේ අත පෙරෙලම්න් සිටින සිරියාවතීට කළු කුමාර දෝෂය ඇති බව ඇය සිතුවාය.දිනක් තනිවම නාන්නට ඇළට ගිය සිරියාවතී කිසිවකුට බිය වී දිව ආවාය. එදින සිරියාවතී බිය වූයේ කළු කුමාරයාට බව ගම්හු සිතූහ. පාළු හුදකලා තැන්වල තනි වන තරුණියන්ට , පාළු තැන් වලින් තනියම නෑමට යන තරුණියන්ට කළු කුමාරයාගේ බැල්ම වැටෙන බව ගම්වල ජීවත් වන අයගේ මතයකි. එමෙන්ම එවැනි අවස්ථා වලින් තරුණියන් ඈත්කර තෑබීමට වැඩිහිටියන් වග බලා ගනී.

                 සිරියාවතී දිනෙන් දින වැහැරෙන්නට විය. නිතරම හුදකලාව සිටීමට කැමැති වූ ඇය පවුලේ අයගෙන්ද ඈත් වූයේ නොදැනුවත්වමය. ඇයගේ වෙනස දුටු ගමේ උදවිය ඇයට ශාන්ති කර්මයක් කළ යුතු බව පැවසීය. රෝගී වූ සිරියාවතීට ඇති වී තිබෙන කළු කුමාර දෝෂය නැති කිරීමට කළ යුතු සියලු කටයුතු සිදු කළද ඇයට කිසිදු සහනයක් නොවීය. සිරියාවතීගේ සුවය පතා විවිධ බලි තොවිල් කළද ඇයට සුවයක් නොවීය. දිනෙන් දින ඇය රෝගී විය. ඇය සුව කර ගැනීමට මුදල් නොමැති වූ විට ඔවුන්ගේ සියලු ඉඩ කඩම් විකුණන්නට විය. සිරියාවතී පමණක් නොව පවුලේ සියලු දෙනාම අදුරු අගාධයකට ඇද වැටෙමින් තිබේ.ජීවිතය ලියා නිම කළ නොහැකි කතාවක් මෙන් එකින් එකින් එක ගොඩ ගැසෙන ප්‍රශ්න වලින් සිරියාවතීගේ පවුල බැට කෑවේය. ප්‍රශ්න වලින් මිරිකී සිටි සිරියාවතීගේ පියා හෘර්ධයාබාධයකින් මිය යෑම සිරියාවතීගේ පවුල කබලෙන් ලිපට වැටුණාක් මෙන් විය. පියා මියගිය පසු ඇය සම්පූර්ණයෙන්ම පාසල් ගමන නතර කර දැමුවාය. ප්‍රශ්න වලට විසදුම් සොයා කොළඹට පැමිණි දුමින්ද කුඩු ජාවාරමකට පැටලී ජීවිතාන්තය දක්වා සිරගත විය.

                
                 පවුලේ සියලු දෙනා පවුලින් ගිලිහීමත් සමග පවුලේ සතුට සුණු විසුණු විය. එදිනෙදා ජීවත් වීමට තරම්වත් හැකියාවක් නොමැතිව සිරියාවතී තම මව සමග කටුක දිවියක් ගෙවයි. ගරා වැටුණු නිවසේ වෙසෙන සිරියාවතීගේ ජීවිතයද ගරා වැටී ඇත. ඔවුන්ගේ නිවස ඔවුන්ගේ ජීවිතවල හැලහැප්පීම් කියාපාන්නා වූ කැඩපතක් වැනිය. මව නිවසින් අභිනික්මන් කළ දිනට සිරියාවතී පාලු නිවසෙහි හුදකලා වෙයි. තාරුණ්‍යයේ බලාපොරොත්තු ආශාවන් සියල්ල යටපත් කරගෙන පාලු නිවසෙහි සිරකාරියක් වන්නට ඇයට සිදුවෙයි.

                     ඈත අතීතයේ පටන් වර්තමානය දක්වා ග්‍රාමීය ජනතාව අතර පැවති මතවාදයක් ලෙස කළු කුමාර දෝෂය හැදින්විය හැක.වැඩිවියට පත්වන තරුණියක වැඩිවිය පැමිණෙන අවස්ථාවේ තනි වීමේදී හෝ වැඩිවිය පැමිණි තරුණියක පාළු ස්ථාන වල හුදකලා වීම වැනි අවස්ථාවල කළු කුමාර දෝෂය ඇති වේ. කළු කුමාර දෝෂය තරුණ කාන්තාවන්ට රෝග ඇති කරයි. හිසරදය, මායා රෝග, දුර්වලතාවය, රාත්‍රී භයානක සිහින පෙනීම ඇති කරයි. ඊට අමතරව වද භාවය, අභයන්තරික අසනීප තත්වයන් ඇති කිරීම, ගර්භනී කාලය තුළ විවිධ ආභාද ඇති කරයි. බල සම්පන්න යකෙකු වන කළු කුමාරයා කාල වර්ණ වන අතර ස්ත්‍රීන්ගේ කාමුකත්වයේ අයිතිකාරයා වේ. විපල්‍යතාවයට හේතුව කළු කුමාර දෝෂයක් ඇති වීම යැයි මතවාදයක් ඇත. වන්ද්‍යතාව කළු කුමාර යක්ෂයා ඇති කර්න්නේනම් ඔහුට කුමන හෝ ප්‍රසාදයක් ලබා දී ඔහු තෘප්තිමත් කර ඔහු කරන ලද දෝෂය ඉවත් කර ගැනීමට උත්සාහ දැරීමද දැකිය හැකිය. වර්තමානයේ පවා ගම්වල මෙම කළු කුමාර දෝෂය පිළිබද මතවාද පවතින අතර තරුණියන් කළු කුමාරයාගේ බැල්ම නොවැටෙන සේ තබාගැනීමට වැඩිහිටියන් කටයුතු කරයි.ජනතාව අතර පවතින කළු කුමාරයා පිළිබඳ මතවාදය මෙම කෙටි කතාව සදහා පාදක විය.එම මතවාදය හා බැදි නිර්මාණයක් ලෙස කුමාර බැල්ම කෙටි කතාව හැදින්විය හැකිය.








S.M. අනෝමා ප්‍රියදර්ශනී
HS/2015/0797
සාම්ප්‍රදායික සන්නිවේදනය

ජීවිතය


ජීවිතය

හමා එන සුළං රැළි
කීවද වසන්තය එන බැව්
කෙලෙස පිළිගන්නද
කුණාටු නැතැයි කියා
ඉඩෝරයේ ඇවිද ගිය
දෙපා වාරු නැත
වසන්තය පිළිගන්නට



දෙවෙන්දොරා සං


දෙවෙන්දොරා සං

පතා ආ පැතුමක
දෙනෙත හමු ව්ය " ම්දොරියේ "
ජීවත් වන්නේ ඔබ නිසාවෙනි
ගැහැට ඇති මේ " තෝකියෝවේ "
මගෙන් ලද පෙම මදි උනාදෝ
ගියේ සෙවණට " මමෙවකාගේ "
හුදකලා වූ දිනක් වේ නම්
නැවත එනු මැන මා සොයා
පැම්ණ හිස සිබ
" නොරිකො සං " ලෙස පවසනා තෙක්
බලා ඉන්නෙම් දිව්තුරා



නැගෙණිය


නැගෙණිය

දුටු දා නුබෙ සිනාවන්
මවගෙ නෙතේ තුටු කදුලැල්
පැම්ණි දිනේ අප තුරුලට
රැදුනි සතුට දිව් ගමනේ
සියලු සතුට නිමකරදා
කිමද ගියේ අප හැරදා
නැවත පැම්ණ අප තුරුළට
නැගෙණි වෙයන් මතු දවසක



පුවත් පත් කලාව

පුවත්පත් කලාව

මෙය කලාවකි. එය රදා පවතින්නේ ලියූ දේ මතයි. නිතරම පුවත්පත් කලාව සමාජයේ සන්නිවේදකයකි. හැංගී සිටින පුද්ගලයකු උගතකු දක්ෂයකු කල හැකිය. එමෙන්ම පහත්ම තැනටද පත් කළ හැකිය. සෑම දෙයක්ම හාරා ඇවිස්සීම පුවත් පත් කලාවේ ලක්ෂණයකි. නිතර නිතර නව පුවත් රැස් කර ගැනීම ඔවුන්ගේ යුතුකමකි. නියම පුවත් පත් කලා වේදියා යුහුසුලුව අලුත් අලුත් තොරතුරු රැස් කර ගනී. පුවත් පත් කලාකරු සමජයේ සෑම අයෙකු සමගම සබදතාපවත්වයි. පුවත් පත් කලාවේදියාට දුප්පත් පොහොසත් බේදයක් නොමැත. ඔහුගේ පෑන කාටත් පොදුය.

ආදරණීය දෙවොන්දරා සං

ආදරණීය දෙවොන්දරා සං


හමු උනේ කිම ඔබ
හැර යන්නට මෙලෙස
කියනු මැන
ළග නොරැදි කාරණය
පිය මැන්නද වීදී අතරේ
නෝ කබුකි රැගුම් බැලුවද
කිමද නොතේරුනෙ මගේ හදවත
ආදරණීය දෙවොන්දරා සං

පියුමක් මෙන් පිරිසිදු වෙමු


පියුමක් මෙන් පිරිසිදු වෙමු


පුණ්ඩරීකං යතා වග්ගු          
තෝයේන නූපලිප්පති
නුපලිප්තෝම්හි ලෝකේන
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ

කුරිරු වූ අදම වූ ලෝකය තුළ ඉපදී හැදී වැඩී සමාජය හා නොගැටී සමජයෙන් උඩට මතු වූ බුදුරදුන් මඩ ගොහොරුවෙහි හැදී වැඩී මඩ නොතවරාගෙන ජලයෙන්     උඩට මතු වී දසත සුවද දෙන නෙලුමක් මෙන් ජීවත් විය.දුෂණය වංචාව බොරැව රජයන සමජයේ ඒවායින් ඈත්ව යහපත් ලෙස ජිවත් වීම කළ යුතුය. සමාජයේ කොතරම් අයහපත් දෑ තිබුනද එවායින් ඈත්ව නිරන්තරයෙන් ජීවත් වීමට බුදුරදුන් දුන් ආදර්ශය ඉතා අගනේය.



හුදකලාව

         හුදකලාව

හදවතක් ගොලු කරන
මුලු ලොවම ඉකිබ්දින
ලොවම නැවතුනායැයි සිතන
අවට හිස් බව ගෙනෙන
තනි කම්න් ගත වෙලන
අදුරු සිත්තමයි පාලුව

සරසවි මෑණියනි

සරසවි මෑණියනි

පැතූ දහසක්

හීන බලාපොරොත්තු ,
සියල්ල පොදි බැදගෙන
ආවෙම් අම්මේ ඔබේ තුරුලට,
ලෝකය දිනනා මග දකින්නට
දෙනු මැන අම්මේ ආශිර්වාදය,
ඔබේ තුරුලේ හිද
යෙහෙන් වැජබී
ජීවිතය දිනන්නට.

                        යුතුකම් ඉටු කරමු                       ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...