කහවණු සොයා
ජීවත්වීම අරගලයක් බව හොදින්ම හදුනන්නේ සුඛෝපබෝගී යානවාහන හිමි සුර සැප ඇති මාළිගාවල ජීවත් වන්නන් නොවේ. එදා වේල සරිකර ගැනීමට නොහැකිව අව්ව වැස්ස නොබලා මහපොළව සමග සටන් වදින්නන් ය. ජීවිතය දරාගත නොහැකි ප්‍රශ්න වලින් බැට කන විට අම්මාවරු නොදන්නා රටක කහවණු සොයා යයි. කහවනු සොයා සිහින මාළිගා ගොඩනගාගෙන තම ස්වාමියා දරුවන් නිවසේ තනිකර පිට රටකට පා තබනුයේ එහි කටුක බව කෘර බව නොදැන නොවේ. දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්න වලට විසදුම් එහි ඇති බව සිතමිනි. පිටරැට් යන්ගේ දෙපා අබියස බැලමෙහෙවර කිරීමට අම්මාවරුන්ට සිදුවෙයි. සියලු බැලමෙහෙවර කළද ස්වාමි පුත්‍රයාගේ පහරදීම් බැණවැදීම් හමුවේ ඉවසා සිටීමටද සිදුවෙයි . පසුගිය කාලය තුළ විදේශගත වූ කාන්තාවන්ට නොයෙකුත් වධහිංසා පමුණුවා ඇති ආකාරය ජනමාධ්‍ය තුළින් දැකගත හැකිය. තම පවුලේ සතුට වෙනුවෙන් දුරු රටක නොයෙකුත් වදවේදනා ඉවසා සිටින මව්වරු තම පවුලේ සතුට වෙනුවෙන් ඒ සියල්ල ඉවසනු ඇත. නමුදු දුරු රටකට ගිය බිරිඳ අමතක කොට වෙනත් බිරියන් කරා යන, මත් රකුසාට බිළි වී තම බිරිඳ ගේ මුදල් විනාශ කරන පුරුෂයන් ඕනෑ තරම් දැකගත හැකිය. නිවසේ හුදකලා වන දියණිවරු පුතුන් තම ජීවිතය කෙලෙසා ගනු ලබයි. රස්තියදුකාරයකු, බේබද්දකු පුතුන්ද තම ජීවිතය අදුරු කර ගන්නා දියණියන්ද දුරු රටක දුක් විදින මව්වරුන්ගේ අපේක්ෂා බිද දමයි.තම පවුල වෙනුවෙන් දුරු රටක සෙවූ කහවණු රැගෙන එන විට පවුල විනාශ වී ඇත්නම් පිටරැටියන්ට බැල මෙහෙවර කොට තනාගන්නට තැනූ සිහින මාළිගා බිද වැටෙනු ඇත.


No comments:
Post a Comment