ජීවිතය
ජීවිතය කාන්තාර ක්ෂේම භූමී පසු කරමින් යන්නා වූ දුෂ්කර චාරිකාවක් බව කවුරුත් දන්නා වූ තිත්ත සත්‍යයි. ජීවන චාරිකාව අතර මග හමුවන ප්‍රශ්න, ගැටලු , බාධා ජීවිතය අවබෝධ කර ගැනීමට ලැබෙන අවස්ථාවකි. ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් ඇත. නමුදු බොහෝ දෙනා ප්‍රශ්න වලට විසදුම් සොයනු වෙනුවට ප්‍රශ්නයෙන් පලා යයි. ජිවිතයට පැමිණෙන ප්‍රශ්න යනු ජීවිතය යනු කුමක් දැයි කියාපාන්නා වූ කැඩපතකි. බුදුන් දවස තම පුතු මළ සොවින් තැවෙන කිසාගෝතමියට නොමළ ගෙයකින් අඹ ඇට මිටක් ගෙන ඒමට උපදෙස් දුන් සේක. බුදුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ කිසාගෝතමියට නොමළ කෙනෙකුන් නොමැති ගෙයක් නොමැති බව තේරුම් ගෙන ලොව පවතින සත්‍ය වටහා ගත්තාය. ජීවිතය යනු අවබෝධය වටහා ගැනීම තුළින් ප්‍රශ්න වලට විසදුම් සොයන්නක් නොවේද? ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවක ප්‍රශ්න ගැටළු ඇතිවිය හැක. කළ යුත්තේ ප්‍රශ්න ගැටළු හමුවේ තම අරමුණු අපේක්ෂා බලාපොරොත්තු සිඳ ගැනීම නොව ඒවාට ශක්තිමත් ලෙස මුහුණ දීමයි. ගලන්නා වූ ගඟ ලස්සන වනුයේ බාධක මැදින් ගලනා විටයි. ජීවිතයද එසේමය. බාධක , ගැටළු ප්‍රශ්න වලට විසදුම් සොයමින් යා යුත්තකි. ඕනෑම පුද්ගලයකුට තම ප්‍රශ්න ගැටළු විසදා ගැනීමට හැකියාවක් මෙන්ම ඒවාට මුහුණ දීමේ ශක්තියක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. ප්‍රශ්න අභියෝග හමුවේ සිත ශක්තිමත් නොවුන්හොත් එය මානසික රෝගයක් බවට පත් වේ. තේරුම් ගතයුතු සත්‍ය මෙයයි. බාධක කම්කටොළු ජීවිතයට අවැසිය. ජීවිතය අර්ථවත් එකක් බවට පත් වනුයේ ප්‍රශ්න ගැටළු වලට විසදුම් සෙවීමට යාමෙන් ය. ජීවිතය මැනවින් තේරුම් ගතයුත්තකි. යථාර්තය අවබෝධ කොටගෙන ජීවත් වීමට යාමේදී ඇතිවීමට ඉඩකඩ ඇති ප්‍රශ්න ගැටළු සීමා වේ.


ඕනෑම පශ්නයකට තිබෙන්නෙ එක පිළිතුරක් විතරයි. නමුත් ඕනෑම ගැටලුවකට විසදුම් ගොඩක් තියෙන්න පුලුවන්.
ReplyDelete