ෆේස් බුක් හා ජීවිතය
ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය ජනතාව අතර සුලබ වූ අවධියක තරුණ වැඩිහිටි ජනතාවට අත්‍යවශ්‍ය අංගයක් බවට ෆේස් බුක් පත්ව තිබේ. පාසල් යන වයසේ දරු දැරියන්, තරුණ තරුණියන් හා වැඩිහිටියන් ෆේස් බුක්හි සැරිසරමින් රටේ දියුණුව පිණිස යෙදවියයුතු කාලය හා ශ්‍රමය වැය කරයි. සමාජ ජීවියකු වන පුද්ගලයා වටා බැදී පවතින සියලු සමාජ බැදීම් පසෙකලා ෆේස් බුක්හි හමුවන මිතුරු සමාජයට යොමුවීම වර්තමානයේ දැකිය හැකි භයානක තත්වයකි. දරුවන්ගේ ජීවිතය එළිය කළ යුතු දෙමව්පියන් මුහුණුපොතෙහි සැරිසරමින් ජීවිතය සෙවීමට යත්න දරයි. එවිට දරුවන්ගේ ජීවිතය ආරක්ෂිත වන්නේද යන්න දෙමව්පියන්ගෙන් ඇසිය යුතු ප්රශ්නයකි. අතැතිව ඇති සියලු වගකීම් ෆේස් බුක් නිසාවෙන් අතහැර දමන්නට දෙමව්පියන්ට අවස්ථාව නොමැත. මුහුණු පොත හරහා හමුවන මිතුරන් අභියස තම ආදරණීයයන් අමතක කොට ප්‍රේමය පුද කරන ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තියන් දුලබ නොවේ. ප්‍රේම කතාව රග පාන්නා වූවන් නොඉදුල් තරුණයකු තරුණියක වීම ලැජ්ජා සහගතය. ප්‍රේම කතාව ලිංගික සබඳතාවක් දක්වා දීර්ඝ වීම අප රටේ මිනිසුන්ගේ නොදැන්වත්කමද නැතහොත් අනුවණකමද යන වග විමසා බැලිය යුතු ප්රශ්නයකි.
"වැටත් නියරත් ගොයම් කානම් - කාට පවසම් මේ අමාරුව"
වැඩිහිටි ජීවිතවලට වන බලපෑමට වඩා බලපෑමක් තරුණ ජීවිත වලට සිදුවෙයි. ඇතැම් අවස්ථාවල මුහුණු පොතේ හමුවන තරුණ ආදර කතාවල අවසානය තරුණ ජීවිත බිළිදීමක් විය හැකිය. ජීවිතය වූ කලී මල් යහනාවක් නොව බාධක, හැලහැප්පීම්, ගැටළු මැදින් ගලා යන්නකි. තමාවටා හමුවන මිතුරු සමාජයේ පිහිට පැතීම අනුවණකමක් පමණක් නොව තමා විසින් තමාට වල කපාගැනීමක් නොවන්නේද?


Wawooooooo.
ReplyDelete